Colombo Today Local News

“වෙනම රාජ්‍යකට පසුබිම හදන විග්නේෂවරන් වහාම නෙරපිය යුතුයි” – අමරපුර මහානාහිමි

trikunamale-ananda-na-himi

බෙදුම්වාදී ඉල්ලීම් කරමින් වෙනම රාජ්‍යයකට මූලික පසුබිම හදන ප‍්‍රකාශයක් කරන විග්නේෂ්වරන් උතුරේ මහ ඇමැති වහා ධුරයෙන් නෙරපා දැමීමට කටයුතු කල යුතු යයි අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ති‍්‍රකුණාමලයේ ආනන්ද හිමියෝ පවසති.

උන් වහන්සේ එසේ කියා සිටියේ කොළඹ ධර්ම විජය පදනමේ 39 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදීය.

‘අද මෙරට සිංහල බෞද්ධයන්ට සිදුවන අකටයුතුකම් කතා බහට ලක්වෙමින් තිබෙනවා. විශේෂයෙන් උතුරේ මහ ඇමැතිවරයා පසුගියදා කළ ප‍්‍රකාශයද කතා බහට ලක්වෙනවා. අප දකින්නේ ඔහුගේ පටු චින්තනය සමග කරන ප‍්‍රකාශ මුළුමහත් ශ‍්‍රී ලංකාවටම වින කරන අදහසක් හැටියටයි. ජාතීන් අතර සහජීවනය ඇති කිරීම උදෙසා කටයුතු සිදුවෙමින් තිබෙන මෙවන් වකවානුවකදී ඔහුගේ ප‍්‍රකාශය රට තුළ අලූත් බෙදුම්වාදයක් ඇතිකිරීමට හේතුවෙනවා.

ඉන්දියාවේ නම් ප‍්‍රාන්ත‍්‍ර මහ ඇමැතිවරයෙකුට මෙවැනි ප‍්‍රකාශයක් කල නොහැකි ලෙස නීති පනවලා තියෙනවා. අපේ රටේ එසේ නීති නැහැ. එනිසා වෙනම රාජ්‍යයක් සදහා මූලික පසුබිමක් සකස් කරන උතුරේ මහ ඇමැතිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කළ යුතුය’

Related posts

කල්පිටියෙන් ඇල්ලූ මිලියන 60 කහ තොගය

colombotoday

“සැබෑ සංහිඳියාව මරා දමා චන්ද්‍රිකාගේ සංහිඳියාව යටතේ ජාතිවාදය පැටවු ගහනවා“ – විමල්

colombotoday

බෙදුම්වායට යළි ඉඩ නෑ… ජාතික ගීය මින්පසු සිංහලෙන් පමණයි…

colombotoday

උගන්ඩා මහා ධනස්කන්දයේ පොලියෙන් රටේ ණය ගෙවන්න පුලුවන්

Admin

කෙහෙළිය අධිකරණය වෙත

Admin

අමානුෂික මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කෙරේ

colombotoday