Colombo Today Local News

බියර් සමාගම් 4කට කෝටි 600ක සුපිරි බදු සහන දීලා.. මුදල් ඇමතිට නොතීසි

ravi-beerලයන් බෲවරි සිලෝන් ලිමිටඩ් සමාගම ඇතුළු බීර සමාගම් 4කට රුපියල් කොා්ටි 600කට ආසන්න රේගු බදු සහන ලබාදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන ඔක්තොබර් 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මුදල් ඇමැති රවි කරුණානායක, රේගු අධ්‍යක්ෂක ජනරාල්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු 14 දෙනකුට නියම කරමින් අභියාචානාධිකරණය අද (27) නොතීසි නිකුත් කළේය.

මාස හතරක රේගු බදු සහන ලයන් බෲවරි සමාගමට ලබාදීමට ගෙන ඇති තීරණය අහෝසි කර එම රුපියල් කෝටි 600කට ආසන්න මුදල මහජන සුබ සිද්ධිය සඳහා යොදවන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද සලකා බලමින් අභියාචනාධිකරණය විසින් මෙලෙස නොතීසි නිකුත් කෙරිණි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ මෙම පෙත්සම කැඳවිණි.

අගලූගල්ලේ ශ්‍රී ජිනානන්ද ,රත්ගම සුමංගල ,බියගම සුසීල ,උඩගෝමනියේ රතනවංශ යන භික්ෂූන්වහන්සේලා සය නමක් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබූහ.

Related posts

මීළග ජනපති ගැන වෙල්ගමගෙන් ඉගියක්..

colombotoday

බදු නොගෙවූ අරක්කු සමාගම්වල බලපත්‍ර අහෝසි කරන්න නියෝග

Admin

සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

Admin

අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩවත අතර වාහන ධාවනය නොමිලේ

colombotoday

අපරික්ෂාකාරී රිය ධාවනය මගින් අනතුරක් සිදු කිරීම. – උමාරියාට ඇප. රියදුරු බලපත්‍රය අධිකරණය භාරයට

colombotoday

ව්‍යවස්ථාදායක සභාව මේ සති අගදී මුල් වරට රැස්වෙයි

colombotoday