Colombo Today Local News

ඉන්දීය වාණිජ ඇමතිනිය දැන් ලංකාවේ.. ETCA සාකච්ඡා ඇරඹෙයි

අත්සන් කිරීමට යෝජිත ඉන්දු – ලංකා (එට්කා) ගිවිසුම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වටයක් සදහා ඉන්දීය වාණික හා කර්මාන්ත ඇමතිනී නිර්මාලා සීතාරාමන් මහත්මිය සහ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ඊයේ (26) ශ්‍රී ලංකාවට පැමිණියාය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා සහ විදේශ කටයුතු අමාතංශයේ නියෝජිතයින් පිරිසක් කටුනායක බණ්ඩාරනයක ගුවන්තොටුපොළේදී ඇයව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබිය.

ක්‍රමෝපාය සංවර්ධන හා අන්තර්ජාතික වෙළදාම පිළිබද ඇමති මලික් සමරවික්‍රම මහතා සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සමග ඇය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඉන්දියාවේ ඒ.එන්.අයි පුවත් සේවය පවසන්නේ එට්කා ගිවිසුම පිළිබද දෙවන වටයේ සාකච්ඡා මේ මස 29 සහ 30 යන දිනවල නවදිල්ලියේ දී පැවැත්වෙන බවයි.

Related posts

ලොතරැයි හබයෙන් ආණ්ඩුව දෙදරයි.. ජනපති දැඩි තීරණයක !

colombotoday

කොරෝනා ආසාදනය වු දෙදෙනා ඇසුරු කළ 65 ක් හදුනාගැනේ !

colombotoday

දේශපාලන අලකලංචි මැද ආණ්ඩුව සතියක් තුළ මිලියන 14,000ක් ණය වෙයි

colombotoday

පාර්ලිමේන්තුව ඉදිරිපිට මහින්දගේ සහ රනිල්ගේ අදාරකරුවෝ ගැටෙති

colombotoday

කදුරට ජාතික පෙරමුණේ සහය මහින්දට

colombotoday

යුද්ධයෙන් බේරාගත් රට නව ව්‍යවස්‌ථාවෙන් බෙදීම වැළැක්‌වීමයි අපේ අරමුණ

colombotoday