Colombo Today Local News

සෞඛ්‍ය සේවය පුද්ගලික අංශයට අමුණනවා.. “ඉන්දීය ගිලන් රථ එහි පළමු පියවරයි“ – ආචාර්ය හර්ෂ

harsha d silva

සෞඛ්‍ය සේවය පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ කර දියුණු කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

නෙත් ගුවන්විදුලිය සමග අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉන්දීය ප්‍රදානයක් ලෙස ලැබුණු ගිලන් රථ සේවය එහි පළමු පියවර ලෙස යොදා ගැනීමට අපෙක්ෂා කරන බවයි.

“සෞඛ්‍යත් නිකන් දෙන්නේ නැහැ. කවුරුහරි ගෙවනවා ඒ කියන්නේ සමාන්‍යයෙන් බදු ගෙවන පුද්ගලයෝ. ඒ බදු හරහා තමයි යම් කිසි සේවාවල් නිකන් ලබා දෙන්නේ. මට ඕනේ කරන්නේ ඒකට පුද්ගලික අංශයෙත් දායකත්වයත් අරගෙන අපිට අරමුදලක් මේක හරහා නිර්මාණය කරලා , ආණ්ඩුවෙන් අවශ්‍ය ප්‍රමාණය විතරක් ගෙවලා මේ වැඩේ ඉස්සරහට ගෙනියන්න”.

ඉන්දීය ප‍්‍රදානයක් ලෙස ලැබුණු ගිලන් රථ සේවය දැනට කි‍්‍රයාත්මක වන්නේ කිසිදු ගාස්තුවක් අය නොකරයි. එහෙත් ඉදිරියේදී ඒ සඳහා විකල්ප ක‍්‍රමයක් හඳුන්වාදීමට සිදුවනු ඇති බවටද නියෝජ්‍ය ඇමතිවරයා එහිදී ඉගි පළකර ඇත.

Related posts

ඉන්ධන හිගයක් ඇති වන බවට ප්‍රකාශයක් කළ ආනන්ද පාලිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට.

colombotoday

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළඳපොළට

colombotoday

තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට

Admin

බෙදුම්වාදී ව්‍යවස්ථාව මේ ආණ්ඩුවේ මිනී පෙට්ටියට ගහන අන්තිම ඇණයයි !

colombotoday

සහරාන්ගේ සහෝදරයාගේ නිවසින් මරාගෙන මැරෙන ඇදුම් කට්ටල හා උපකරණ

colombotoday

මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මකයි – ටිරාන් අලස්

Admin