Colombo Today Local News

දූෂණ චෝදනා ඇති අය ගැන ජනපති දැඩි තීරණයක් ගන්න යනවාලු !

mithrepala

මහින්ද රාජපක්ෂ පරිපාලනයට එරෙහි වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණ කඩිනම් කිරීම, දූෂණ චෝදනා ලබා සිටින වත්මන් පාලනයේ ඇමතිවරුන්ට එරෙහිව පියවර ගැනීම ඇතුළු තමන් ඉදිරිපත් කළ යෝජනා පහකට ජනාධිපතිවරයාගෙන් සාධනීය ප්‍රරතිචාරයක් පළ වූ බව සමාජ ක්‍රියාධරයන් පිරිසක් පවසති.

මෙම සිවිල් සමාජ ක්‍රියාධරයන් පිරිස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත එම යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ පෙරේදා (13) රාත්‍රියේ පැවති සාකච්ඡාවක දීය.

මේ පිළිබඳව කළ විමසීමකදී සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මහාචාර්ය සරත් විජේසුරිය මහත කියා සිටියේ ජනාධිපතිවරයාට දුන් සංදේශයේ යෝජනා පහක් ඇතුළත් වූ බවයි.

පවතින පාලනය දුර්වල කිරීමේ අරමුණින් රජයට තර්ජනය කරන නිලධාරීන් පිළිබඳව දැඩි තීරණ ගැනීම සහ යහපාලනය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පාලන සම්ප්‍රදායන් ඇති කිරීමට අගමැතිවරයා සමඟ එක් වී මීට වඩා උනන්දුවෙන් කටයුතු කළ යුතු බවද ඔවුන් යෝජනා කර තිබේ.

අගමැතිවරයා සමඟ ද සාකච්ඡා කර මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කළ හැකි සෑම දෙයක් ම කරන බවට ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන් බව මහාචාර්ය සරත් විජේසුරිය මහතා කියා සිටියේය.

දූෂණ චෝදනා පිලිබඳ නඩු විභාග කඩිනමින් නිම කිරීම සඳහා විශේෂ අධිකරණ පිහිටුවීම දැනට පවතින අධිකරණ පද්ධතිය යටතේම සිදු කළ හැකි බව ඔහු පවසයි.

රජය අපහසුතාවයට පත් කරන නිලධාරීන් පිළිබඳව විමසූ විට මහාචාර්යවරයා උදාහරණයක් හැටියට පෙන්වා දුන්නේ විගණන පනත සම්මත වීමට ඉඩ නොදෙන අමාත්‍යංශ ලේකම්වරුන් පිරිසකි.

(බීබීසී සංදේශය)

Related posts

හදිසි විදුලි බිඳ වැටීමෙන්, ජාතික රෝහලේ අක්‍රිය වූ MRI යන්ත්‍ර මෙතෙක් නඩත්තු කර නැහැ

Admin

“අරක්කු ගඳ ආවේ මගේ කටින් නෙවෙයි ! බීපු කෙනෙක් මාව බදාගෙන ඉම්බා” – විජිත හේරත්

colombotoday

පෞද්ගලික බස් සේවා ආරම්භ කිරීමට සහන දෙන්න

colombotoday

පුපුරන ද්‍රව්‍ය කඩිනමින් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම එනවා -සජිත් තිරප්පනේදී කියයි

colombotoday

පොදු වැසිකිලි ගාස්තු නැවත ඉහල යයිද?

Admin