Colombo Today Local News

“ඔන්න බබෝ අපි ආවෝ.. අත ලකුණෙන් අපි ආවෝ” – ශ්‍රීලනිප සමුළුවේ විස්මිත ගුවන් වීඩියෝව

sdfs455

ඊයේ දිනයේදී කුරුණෑගල මාළිගා පිටියේ පැවති 65 වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.   ඩ්‍රෝන් කැමරාවක් මගින් වීඩියෝ කළ ගුවන් දර්ශනයි මේ.

[fbvideo link=”https://www.facebook.com/1394244417528705/videos/1823814477905028/” width=”500″ height=”400″ onlyvideo=”1″]

ලබන වර්ෂයේ මුල් භාගය වන විට පළාත් පාලන මැතිවරණ පවත්වන බවත් මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරග කිරීමට සූදානම් බවත් සමුළුව අමතමින් ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

අනාගතයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමේ පළමු වෙඩිමුරය අද තැබූ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේය.

මෙම සංවත්සර උත්සවයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සකස් කිරීම ඇතුළු යෝජනා 07ක් ඒකමතිකව සම්මත කර ගැනීමද සිදු වුණි.

ඒහිදී මේ සම්බන්ධව අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“මේ 65 වෙනි සංවත්සර මහා සමුළුවේදී මේ පැමිණි අති විශාල ජන ගංගාවට, ආදරණීය දෙමවුපියන්ට, දරුවන්ට මම කියනවා, පක්ෂයේ සියලු නායකයන්ට මම කියනවා. අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ පළවෙනි වෙඩිමුරය තමයි අද මේ 65 වෙනි සංවත්සරයෙන් තිබ්බේ කියන එක. ඒක ඉතා පැහැදිලිව මම කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු විදිහට ඉන්න ඕනේ කියන අයිතිය සමහරු ඉල්ලපුවම ඒ අයිතිය මම දුන්නා. ඒ පිරිසට මම කාරුණිකව සහ ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා අලුත් දේශපාලන බලවේග ගැන කතා නොකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග හිටගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරලා ඉදිරියේදී පක්ෂයේ ආණ්ඩුවක් අනාගතයේ හදන්න සියලුදෙනාගේ කැපවීම ඒකරාශ්‍රී කරන්නැයි කියලා ”

Related posts

ප්‍රාදේශීය ලේකම්වරයකු හා සැලසුම් අධ්‍යක්ෂවරයකු අල්ලසක් ගැනීමේදී මාට්ටු

colombotoday

13හැවිරිදි දරුවාගේ යකඩ පොලු පහරින් මිත්තනිය මරු දකී

colombotoday

සමස්ත ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 71ක්

colombotoday

ඩොලරයේ අගය පිලිබද නව දත්ත වාර්ථාවන් නිතුත් කරයි

Admin

සරලම තැනින් පටන් ගන්න. ෆයිල් එකේ තියෙන සැලසුම් බිමට ගේන්න : ජනපති රාජ්‍ය ඇමතිවරුන්ට කියයි

colombotoday

කොවිඩ් නොවන මරණ, අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කරන්න

colombotoday