Colombo Today Local News

සාදය මාරයි.. වියදම කෝටි හයයි ! – සාගලගේ අණින් පූජිතගේ සාදය හමාරයි

pujitha jayasundara

ශ්‍රී ලංකා පොලීසියට වසර 150ක් පිරීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිතව තිබූ සංවත්සර උත්සවය වෙනුවෙන් රුපියල් කෝටි හය හමාරකට ආසන්න වියදමක් දැරීමට සකසා තිබූ වියදම් ඇස්තමේන්තුව නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතාගේ නියෝගයෙන් අත්හිටවා ඇත.

සාගල රත්නායක මහතා පොලිස් කේෂත්‍ර බලකා මූලස්ථානයේ පැවැති පොලිස් සංවත්සර උත්සවයේ පෙර පුහුණුවක් නැරඹීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් තමන්ට පාවහන් ඇතුළු මූලික අවශ්‍යතාවන් නැතැයි පෙන්වාදීමෙන් පසුව අදාළ උත්සවයේ අනවශ්‍ය ලෙස ඇති සියලු වියදම් කපා හැරීමට නියෝගකර ඇත.

මේ ඇස්තමේන්තුව සකස්කර තිබුණේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ බවද පැවසේ. එම ඇස්තමේන්තුවට අනුව රුපියල් ලක්ෂ 92ක් වැයකර සමරු පොතක්ද මුද්‍රණය කිරීමට සැලැසුම් කර තිබිණි.

එයද මුද්‍රණය අත්හිටවීමට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

රුපියල් ලක්ෂ 50ක් වැයකර ප්‍රභූන් වෙනුවෙන් තරු හෝටලයක පැවැත්වීමට නියමිතව තිබූ සාදයේ කෙටි කෑම ඇනවුමද අත්හිටවීමට නියෝගකර ඇති බව වාර්තා වේ.

Related posts

අර්ජුන මහේන්ද්‍රන් ගැන නීතිපති තෙවැනි වරටත් සිංගප්පුරුවට කළ දැනුම්දීම

colombotoday

ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර කම්හල විවෘත කරයි

Admin

සුපර් ඩීසල් නෞකාවේ තොග ගොඩබෑම අද | ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම යළි ඇරඹේ

colombotoday

“ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න” – ජනපති ඉම්රාන්ගෙන් ඉල්ලයි

colombotoday

රතන හිමිගේ අලුත් විප්ලවය හෙට ඇරඹෙයි !

colombotoday

නොරච්චෝලෙට ගල්අඟුරු ගන්න නැවකට අත්තිකාරම් ගෙවයි

colombotoday