Colombo Today Local News

යුධ අපරාධ කළ අයට දඩුවම් දෙනවා.. නව ව්‍යවස්ථාවෙන් බලය බෙදීම ස්ථීරයි – චන්ද්‍රිකා

යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් පිළිබදව විමර්ශණය කර දඩුවම් ලබා දීම සදහා රජය විශේෂ නීතිමය වැඩපිළිවෙලකට දැන් මුළපුරා ඇතැයි රජයේ සංහිදියා ව්‍යාපෘතිය භාරව සිටින හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ යාපනයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

වැඩිම වැරදි කරපු අයට එරෙහිව නීත්‍යානුකුල කටයුතු කරන්න විශේෂ නීතිමය වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න රජය කටයුතු කරනවා, යැයි කියා සිටි ඇය සංහිඳියාව යනු සිංහලයාට ලැබෙන අයිතීන් සියලුම ජාතීන්ට ලැබීම ලෙස හැඳින්වූ හිටපු ජනාධිපතිවරිය ඒ වෙනුවෙන් වත්මන් රජය පියවර ගනිමින් සිටින බව පැවසුවාය.

ඉදිරියේදී ගෙන එනු ලබන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මඟින් බලය බෙදා හැරීම ස්ථිර වශයෙන්ම සිදු වන බව ද ඇය එහිදී අවධාරණය කළාය.

Related posts

පොහොට්ටුවේ මහරගම නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කෙරේ

colombotoday

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක්

Admin

” අස්ස කුලප්පුවට අහුවෙන්න මම සුනම් නෑ “

colombotoday

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය : තවත් සැකකරුවෙකු CID අත්අඩංගුවට

colombotoday

සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්සාෆ් අහමඩ්ටගේ සමාගමට නීතිවිරෝධී ලෙස තඹ දුන් හැටි හෙළිවේ

colombotoday

බරපතළ මූල්‍ය අපරාධ වාර්තාවෙන් ප්‍රබල ඇමැතියකුට නඩු

colombotoday