Colombo Today Local News

දර්ගා නගරයේදී පහර කෑ සෞඛ්‍ය සේවකයන් රෝහලේ.. අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක කිරීම පොලීසිය කර අරී

458984545dharga

පසුගිය 6 වනදා අලුත්ගම ධර්ගා නගරයේ ඩෙංගු මර්ධනය වැඩසටහනක නිරත වී සිටියදී එහි හෝටලයක් තුළ සිරගත කර පහරකෑමට ලක්ව රෝහල්ගත කළ සෞඛ්‍ය සේවකයන් වැඩිදුර ප්‍රතිකාර සදහා කළුතර නාගොඩ මහ රෝහලට මාරු කර යවා ඇත.

පෙර දැනුම් දීමකට අනුව ඩෙංගු මර්ධනය සදහා නගරයේ ධූමායනය කරමින් සිටියදී හොටලයක් තුළට දුම් වැදීම නිසා එහි වූ ආහාරවලට හානි සිදුවූයේ යැයි කියමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සහ සෞඛ්‍ය කම්කරුවෙකු හෝටලය තුළ හිර කර කලහකාරීව හැසිරුණු හෝටල් හිමියා සහ මුස්ලිම් පිරිස පාලනය කරගැනීමට ධර්ගා නගර පොලීසියට, සහ අලුත්ගම පොලීසියට නොහැකි වූයෙන් පොලිස් විශේෂ බළකාය කැදවීමට සිදුවිණි.

එසේ වුවත්, රජයේ සේවකයන්ගේ රාජකාරියට බාදා කිරීම, බලහත්කාරයෙන් රදවාගෙන සිටීම, පහර දීම, පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු මහජන සාමය කඩවන ආකාරයෙන් කලහකාරීව හැසිරුණු අන්තවාදීන් පිරිසට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට දර්ගා නගර පොලීසිය මේ දක්වා කටයුතු කර නොමැති බව වාර්තා වේ.

අදාල සිදුවීම සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූවන්ද පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති අතර, සිද්ධිය නොසලකා හැර පාඩුවේ වැඩක් බලගන්නැයි ප්‍රබල ඇමතිකමක් දරණ ප්‍රදේශයේ ඉහළ දේශපාලකයෙකුගෙන් ඔවුන්ට බලපෑම් එල්ලවී ඇති බවද දැන්ගැන්මට ලැබේ.

2014 අළුත්ගම දර්ගා නගරයේ ඇතිවූ ගැටුමට මුල් වූයේද භික්ෂූන් වහන්සේ නමකට පහර දුන් අන්තවාදීන් පිරිසගේ බලපෑමට යටත් වූ පොලීසිය ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා යැයි චෝදනා එල්ල වේ.

Related posts

මිරිහාන සිද්ධිය : ප්‍රතිකාර ලබන 23ක් රිමාන්ඩ්

colombotoday

මන්ත්‍රීවරුන් 25කගෙන් ප්‍රකාශ ගන්න සී.සී.ඩීය මැතිසබයට

colombotoday

මාර්ග නීති කඩකළ රියදුරන්ට දඩ ගෙවීමට සහනදායී පිළිවෙතක්

colombotoday

22 සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙන්න

colombotoday

යහපාලන ආණ්ඩුව යටගහපු අල්ලස් ෆයිල් 74 මෙන්න.. කොමිසමේ අධ්‍යක්ෂවරියත් හෙරක්?

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නව විශ්වවිද්‍යාලයක්

colombotoday