පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට පිළිකා ඇති කරන එන්නත් ශරීරගත කර ඇති බවටශ්රීධරන් මන්ත්‍රීවරයා දේශපාලන වාසි ලබාගැනීම සඳහා සිදුකරන ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පුනුරුත්ථාපනය කිරීම සඳහා භාවිත කරන්නේ ජාත්‍යන්තර නිර්ණායක බවත්, ශ්‍රී ලංකා හමුදාව කිසිම අවස්ථාවක හිංසාවක ඇතිවන ආකාරයට කටයුතු නොකරන බවත් ඇමතිවරයා පවසා සිටියේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මකව පැවැති කාලයේදී සංවිධානය හැර ගිය සාමාජිකයන්ට හිංසාකාරී දේවල් සිදුකර තිබෙන බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.