Colombo Today Local News

හමුදා භාරයේ තිබූ උතුරේ ඉඩම් අක්කර 2221 දැනටමත් බෙදා දී අවසන් – යුද හමුදාපති

army66ආරක්ෂක හමුදා භාරයේ තිබූ ඉඩම් ප්‍රමාණයෙන් අක්කර දෙදහස් දෙසිය විසි එකක් (2221) මේ වන විට උතුරේ ජනතාවට ලබා දී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පවසයි.

වසර එකහමාරක් වැනි කාලයක් තුළදී මේ ඉඩම් මුදා හැර ඇති අතර, එම ඉඩම් අතර පෞද්ගලික අංශයේ මෙන්ම රජයේ ඉඩම්ද වන බව යුද හමුදාපතිවරයා පවසයි.

ආරක්ෂක හේතු මත තවත් ඉඩම් ප්‍රමාණයක් ආරක්ෂක අංශ වෙත පවරාගෙන සිටිය ද සිවිල් ජන ජීවිතය නගා සිටුවීම සඳහා අවශ්‍ය සහයෝගය යුද හමුදාව නොඅඩුව ලබා දෙන බව යුද හමුදාපතිවරයා පැවසීය.

යුද්ධය නිසා අවැතැන් වූ පවුල් සිටින කඳවුරු 31ක් ඇතැයිද, මේ සියලු කඳවුරු තුළ පවුල් 920කට ආසන්න පිරිසක් ඇතැයිද කී සිල්වා මහතා ඒවායේ සිටින පවුල් 490කට පමණ කිසි දිනක ඉඩම් තිබී නැතැයිද ඔහු හෙළි කළේය.

මේ වන විට නැවත ඉඩම් ලබා ගන්නා උතුරේ ජනතාව සඳහා විශේෂ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බව ද හෙතෙම පවසයි.

ඒ අනුව, මේ අවතැන්වූවන්ට ලබාදීමට කීරමලේ තෝරාගත් රජයේ ඉඩමක අක්කර හතළිස් හතක භූමි ප්‍රමාණයක් තුළ නිවාස සියයක් ගොඩනැගීමේ විශේෂ ව්‍යාපෘතියක් දැනටමත් ආරම්භ කර ඇති බව පවසන යුද හමුදාපතිවරයා, එම ඉදිකිරීම් කටයුතු සඳහා යුද හමුදා සාමාජිකයන් මෙන්ම පුනරුත්ථාපනය කරන ලද එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ද එක් කණ්ඩායමක් ලෙස යොදවන බව වැඩිදුරටත් කියා සිටියි.

Related posts

කාන්තාවකට පහරදුන් ස.ජ.බ.යේ ආණමඩුව ආසන සංවිධායක අත්අඩංගුවට

colombotoday

“ආණ්ඩු කරන්න නෙවෙයි.. මහපාරේ ඇවිද ඇවිද ඉන්න සලස්වනවා“ ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

colombotoday

මධුෂ් – අමල් ඇතුළු පිරිස අද ශ‍්‍රී ලංකාවට

colombotoday

වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන 07ක් තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday

බදියුදීන් ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කරගනී

Admin

වැඩ වර්ජනයට අපි නැහැ – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය කියයි

Admin