තුන්වන දකුණු ආසියානු ඩයස්පොරා සමුළුවේ ආරම්භක සැසිවාරයේ මුඛ්‍ය දේශනය පැවැත්වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මතා 17 වනදා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය.
කලාපීය අනාගතයට බලපාන ප්‍රතිපත්ති මෙන්ම ආර්ථික හා වෙළද ක්ෂේත්‍රයන් සම්බන්ධවත්, 21 වන සියවසෙහි ලෝක දේශපාලන කරලියෙහි දකුණු ආසියානු කලාපීය භූමිකාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.
විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී මිත්‍රපාල යන නියෝජිතයන් මේ සංචාරයට එක් වෙති.