Colombo Today Local News

ETCA ගැන ඉන්දු – ලංකා සාකච්ඡා ඇරඹෙයි.. ඉන්දීය දූත පිරිසක් මෙරටට එයි

ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සහ සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් “එට්කා”ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරිය අතර නිල සාකච්ඡා නවදිල්ලියේදී පවත්වා ඇත.

ඒ අනුව එට්කා ගිවිසුම හෙවත් ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම පිළිබඳව ඉතා ඉක්මනින් දෙරට අතර සාකච්ඡා ඇති කිරීමටත්, එම සාකච්ඡා මෙම වසර අවසන් වීමට ප්‍රථම අවසන් කිරීමටත් තීරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම එට්කා ගිවිසුම පිළිබඳ සහ එම කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ඉන්දීය නියෝජිතයින් පිරිසක් ද මෙරට සංචාරය කිරීමට නියමිතව තිබේ.

මේ අතර යෝජිත ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම පිළිබඳව සාකච්ඡා නැවත ආරම්භ කිරීමට දෙරට එකඟ වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ ඉන්දීය වාණිජ සහ කර්මාන්ත අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතරද නවදිල්ලියේ සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී තවදුරටත් එකඟතාව පළ වී ඇත්තේ එම සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමටයි.

ඒ අනුව මේ වසර නිමවීමට පෙර එට්කා ගිවිසුම පිළිබද සාකච්ඡා අවසන් කිරීමට හැකි වනු ඇති බවත් ඉන්දීය රජයේ වාණිජ අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

Related posts

පොහොර ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

අනුර යාපාගෙන්, සුසිල්ගෙන් රිෂාඩ් බදුර්දීන්ට ප‍්‍රහාරයක් !

colombotoday

ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ජනපති මෛත්‍රීට විරෝධය පා කලු කොඩි ඔසවයි

colombotoday

දේව මෙහෙයක් පැවැත්වූ ස්ථානයක් මුද්‍රා තබයි. නිරෝධායන නීති කැඩූ මහවැව දේවගැතිවරයකුට නඩු

colombotoday

බණ්ඩාරගම අටළුගම මුස්ලිම් ජනතාවා PCR මග හැරීම දැඩි අර්බුදයක්.

colombotoday

කොකේන් ගිල ආ කෙන්යානුවෙක් කටුනායකදී මාට්ටු

colombotoday