Colombo Today Local News

අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ලට උපදේශකයින් 56 ක්. ලේකම්වරු 94 ක්. සමහරුන් O/L අසමත්

lakshman_kirialla

මහාමාර්ග සහ උසස් අධ්‍යාපන ඇමති අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාර්ග සංවර්ධන අධිකාරිය හරහා උපදේශකයින් 56 දෙනකු බදවාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ජවිපෙ නායක අනුර දිසානායක ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙය හෙලිදරව් කර සිටි අතර ඔහු සදහන් කළේ මෙම උපදේශකයින්ගෙන් වැඩි පිරිසක් සාමාන්‍යපෙළ විභාගය පවා අසමත් අය බවයි. අධි නීතීඥ අමාත්‍යවරයාගේ උපදේශකයන් ලෙස සාමාන්‍ය පෙළ අසමත් පුද්ගලයන් බදවාගෙන, ඔවුන්ට රු.65000 ක වැටුපක් ලබා දෙන්නේ කුමන පදනමක් මතදැයි ඔහු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නකර සිටියේය.

තම දියණියට සහ බිරිදට අමතර තවත් සම්බන්ධිකරණ ලේකම්වරු 94 දෙනෙකු බදවාගෙන ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ජනතා මුදල් කාබාසිනායා කර දමන බවයි අනුර දිසානායක මහතා චෝදනා එල්ලකරමින් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.

Related posts

ෆුල් ෆේස් හෙල්මට් පළඳින යතුරුපැදිකරුවන්ට ලැබෙන සහනය

colombotoday

ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්ට ඇප.

colombotoday

මහ ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ වාහන 132ක් ගල් කරති !

colombotoday

ක්ෂේත්‍ර තුනක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

විපක්ෂනායක මහින්දට ජවිපෙන් පැසසුම්

colombotoday

ගෝඨාභය සිංගප්පූරුවට රැගෙන ගිය ගුවන් යානය ලෝක වාර්තාවක් තියයි

colombotoday