Colombo Today Local News

සිංහල රටේ සිංහලයෙකුනම් රට ගැන හිතපන්.. සේනාධිපතිගෙන් සිරස මාධ්‍යවේදීන්ට සැර පහරක්

සිංහල රටේ සිංහලයෙකුනම් දේශපාලකයන් වෙනුවෙන් නොව රට වෙනුවෙන් පෙනී සිටින්නැයි ඇවන්ගාඩ් ව්‍යාපාර අධිපති නිශ්ශංක සේනාධිපති මහතා පසුගියදා මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබා දීම සදහා පැමිණි අවස්ථාවේ සිරස රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු අමතමින් පැවසීය.

තම ආයතනයේ ඉහළම වැටුපකට රැකියා කළ රණවිරුවන් හාරදහසකට ආසන්න පිරිසකට මේ වන විට රැකියා අහිමි වී ඇති අතර තමන් මෙරටට ගෙනා විදේශ විනිමය රටට අහිමිවී ඇති බවත් එක්තරා දේශපාලකයන් කිහිප දෙනෙකු ඊට වගකියයුතු බවත් සේනාධිපති මහතා එහිදී පැවසීය. දේශපාලකයන්ගෙන් ලකුණු දමා ගැනීම සදහා ඔවුන්ට අවශ්‍ය ප්‍රශ්න නොඅසා රටගැන හැගීමක් ඇත්නම් මෙලෙස අසාධාරණයට පත්වූ රණවිරුවන් සහ රටට අහිමිවූ විදේශ විනිමය ගැන කතා කරන්නැයි ඔහු මාධ්‍යවේදියා ට පැවසීය.

වීඩියෝව පහතින්

[mom_video type=”youtube” id=”4NP1lPEqEKA”]

Related posts

ඩෙංගු රෝගීන් ඉහලට

Admin

ප්‍රදේශ රැසකට අද වැසි

colombotoday

නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති රකින බව පවසමින් එක්සත් ජාතික පක්ෂයේ වළං හෝදන්නවා

colombotoday

කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩාවක් ගිනි ගනී

Admin

වසරක් තුළ මෙරට ආහාර උද්ධමනය දස ගුණයකින් ඉහළට

colombotoday

ජනාධිපති කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්…

colombotoday