Colombo Today Local News

ජනතාවගේ මුදලින් දැන්වීම් දමා ජනතාව රවටන ආණ්ඩුව

ravi

අද දින මුදල් අමාත්‍යාංශව විසින් ජාතික පුවත්පත් කිහිපයක පළකරන දැන්වීමකින් මෙරට පාරිභෝගිකයා මුලා කර ඇත.
මෙරට වෙළදපොලේ භාණ්ඩ වල මිල සදහන් කරන ලද අදාල දැන්වීමෙහි සදහන් මිලට භාණ්ඩ ලබා ගැනීමට වෙළදසැල් සොයා ගැනීමට පාරිභෝගිකයන්වන අපට නොහැකි අතර අදාල මිල ගණන් මුදල් අමාත්‍යංශය මගින් උපකල්පනය කරන ලද වෙළදපොලක් විය හැකි අතර එය කල්පිතයක් නොවන බව පෙන්නුම් කරයි. තවත් අතකට එම දැන්වීම මෙරට සාමාන්‍ය නීතිය උල්ලංඝනය කරනු ලබයි.

උදාහරණයක් ලෙස 2015 මා3⁄4තු 31 පාරිභෝගික අධිකාරිය විසින් නිකුත්කර ඇති අතිවිශේෂ ගැසට්පත්‍රයට අනුව සිමෙන්ති කි.ගෑ 50 ක් විකිණිය හැකි උපරිම මිල රු.870 කි එම දැන්වීමෙහි සිමෙන්ති සදහා වන මිල රු.895.00 හා 930.00 කි. 2015 නොවැම්බ3⁄4 24 ගැසට් පත්‍රයට අනුව වියලි හාල්මැස්සන් රු.410.00 යි හා ආයනික රු.385.00 කි. එම දැන්වීමෙහි රු.612.00 කි. මෙය නීති විරොධී ක්‍රියාවකි මන්ද මුදල් අමාත්‍යංශය මගින් පළකරන ලද දැන්වීමෙන් වෙළද ව්‍යාපාරිකයන් නොමග යෑමෙන් පාලන මිල කඩකර භාණ්ඩ අලෙවි කිරීමට ඔවුන් පෙලබෙති.
අප මෙතෙක් කල් සිතා සිටියේ මුදල් ඇමතිවරයා ජනතාවට මෝඩ චූන් දෙන්නේ ඡන්ද කාල සිමාවේදී පමණක් බවයි. අදාල දැන්වීම මගින් එම අදහස ඉවත්කර ඇත.

මුදල් ඇමතිතුමනි,
“ඇගේ තරමට මොලේ නැත.” යන කියමන ඔබ සැබෑ කර ඇත.

පාරිභෝගිකයන් සුරකිමේ සංවිධානයේ සබාපති රන්ජිත් විතානගේ මහතා නිකුත් කල නිවේදනය

18 press realse

Related posts

දරාගත නොහැකි විදුලි මිල නිසා සේවකයන් ලක්ෂ දෙකක් මහ පාරට වැටීමේ අවදානමක

colombotoday

රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාසයට

colombotoday

කෘෂිකර්ම අමාත්‍යාංශයේ තීරණය වෙනස් වෙයි – පළිබෝධනාශක ගෙන්වන්න අවසර

colombotoday

කේරළ ගංජා කිලෝ 5 ක් STF භාරයට

colombotoday

LTTE යැයි අත්අඩංගුවේ සිටින පුද්ගලයින් නිදහස් කිරීම “කලයුත්තක්”.. ජනාධිපති ඉන්නෙත් ඒ මතයේමයි.

colombotoday

සාගර කාරියවසම් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට

colombotoday