තවදුරටත් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ නම් ඊට තමන්ගේ දැඩි විරෝධය පලකරන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සමන්තිරන් මහතා පවසයි.
ඊයේ යාපනේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.
චාවාකච්චේරි මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය සම්බන්ධ සිද්ධියට අදාළව පසුගිය දිනවල පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.
කොටි නායක ප්රභාකරන්ගේ ශරීර ආරක්ක බලකාය වූ චාල්ස් ඇන්තනී බළකායේ අණ දෙන්නා වූ නගුලන් (ශිවමූර්තී කනපතිපිල්ලේ), නැගෙනහි සන්නද්ධ නායකයෙකු ලෙස කටයුතු කළ රාම් ඇතුළු ප්‍රබල කොටින් පිරිසක්ද ඒ අතර විය.
අත්අඩංගුවට ගත් එම කොටි සාමාජිකයන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.