Colombo Today Local News

උතුරට වෙනම එකක් ඉල්ලන යෝජනාව විග්නේශ්වරන්, කතානායකට බාර දෙයි

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර දෙමළ භාෂාව පදනම් කරගත් ප්‍රාන්තයක් සහිත ෆෙඩරල් පාලනයක් සහ නැගෙනහිරට, මධ්‍යම කදුකරට වෙනම පරිපාලන ඒකක ගෙන ඒම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් උතුරු පළාත් සභාව සම්මතකරගත් ආන්දෝලනාත්මක යෝජනාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා වෙත භාර දී තිබේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් ඊයේ එය කතානායක කාර්යාලයේදී කරු ජයසූරිය මහතා වෙත බාර දුන්නේය.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට දැඩි උණුසුම් කතා බහක්‍ මෙන්ම දැඩි විරෝධයක් මතුව ඇති අතර රජය මෙතෙක් ඒසම්බන්ධයෙන් නිළ වශයෙන් ප්‍රකාශකයක් කර නැත.

එහෙත් ජනාධිපතිවරයා පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණේ එවැනි යෝජනා පිළිබදව එතරම් තැකීමක් නොකළ යුතු බවයි. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය කරන අමාත්‍යවරුන් ප්‍රකාශ කර තිබුණේ අදාළ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටවත් තම පක්ෂ එකගතාවය පළ නොකරන බවයි.

Related posts

පළාත් සභා බලය ඉල්ලා කෑ ගහන අය බලය තිබිලත් වැඩ කරන්නෑ.. වැඩකටම නැති මහ ඇමති විග්නේෂ්වරන්

colombotoday

සමගි ජන බල වේගයට නව මුහුණු කිහිපයක්

Admin

එජාප මැයි රැලියේ ෆොන්සේකා ගී ගයයි (Video)

colombotoday

මහින්ද ඉල්ලා අස්වෙන්නෙත් නැකැත් බලලා – අනුර

colombotoday

බදියුදීන් යළි රිමාන්ඩ් – බිරිඳ සහ මාමණ්ඩි ඇප මත නිදහස්

colombotoday

ආගමික අපහාස සෙවීමට කමිටුවක් පත් කරන්න කැබිනට් අනුමැතිය

Admin