Colombo Today Local News

“ගාලු රැළියට මහ පිරිසක් උ/නැගෙනහිරින්.. ජනපතිට විශ්වාසය පලකරන්න එන්න ලෑස්තියි” – දකුණේ මහ ඇමති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී පැවැත්වෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියට අන් කවරදාකටවත් වඩා උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් විශාල පිරිසක් සහභාගී වන බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.

ගාල්ල කොටුවේ පැවති මැයි දින මෙහෙයුම් කමිටු රැස්වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේබව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” ජනාධිපතිතුමා කෙරෙහි ඇති දැඩි විශ්වාසය නිසා උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් සුළු ජාතිකයින් විශාල පිරිසක් අපේ පක්ෂයේ මැයි රැළියට සහභාගි වෙනවා. එතුමා තමයි සුළු ජාතිකයින්ගේ අාකර්ශනය, විශ්වාසය දිනාගත් ජනනායකයා. ජනාධිපතිතුමාට කරන ගෞරවයක් වශයෙන් තමයි මේ අය අපේ පක්ෂයේ මැයි රැළියට සහභාගිවෙන්නේ. ඒ අය 30 වැනිදා ගාල්ලට එනවා. මේ වන විට ගාල්ල නගරයේ හෝටල් කාමර විශාල සංඛ්‍යාවක් ඒ අය වෙන්කරගෙන තිබෙනවා.” යැයි ද කියාසිටියේ ය.

Related posts

ගුටි කෙළියෙන් මන්ත්‍රී කෙනෙකුට තුවාල… ගැටුම දිගටම…

colombotoday

ඤාණසාර හිමි සිරගත කිරීම ගැන ජනතාව කියන කතා මෙන්න (Video)

colombotoday

කල්පිටියේ අටක් ඉන්දිය ආරක්ෂක අංශ අත්අඩංගුවට

Admin

ඩොලමයිට් කියා තහනම් ග්ලයිපොසෙට් තොගයක් ගෙන්වයි

colombotoday

අපි රිලවු අල්ලලා රන්දෙණිගල දූපතකට ගිහින් දානවා

Admin

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් උද්‍යාන මාවතේ ඇවිදින්න ගිහින් මරුට

Admin