රජයේ මූල්‍ය කටයුතු සහ මහ බැංකුව සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී තමා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ඇතුළත් වන කමිටුවකින් අදාළ තීරණ ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර ඇතැයි වාර්තා වේ.
ඊයේ 19 පැවති කැබිනට් රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළ බව සදහන් වේ.
මැයි 02වන දා සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් පොළොන්නරුවේ පැවති රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ තමන් ඒ බව දැනගත්තේ මාධ්‍ය මගින් බවයි. ජනතාවට බලපාන අයුරික් කිසිදු බද්දක් වැඩි කිරිමට ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබුණා.