Colombo Today Local NewsTop Stories

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණය නීති උල්ලංඝනයක්: විගණන වාර්තාවේ අනාවරණය

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් මාලදිවයිනේ පෞද්ගලික සංචාරක සමාගමකට ඩොලර් මිලියන 9ක ණය ලබාදී තිබීම පිළිබඳ විගණකාධිපතිවරයා නවතම වාර්තාවක් නිකුත් කරමින් දෝෂාරෝපණය කර ඇත.

මෙම ණය, බැංකු පනතේ නීතිවලට පිටවූවක් බවත්, ණය ලබා දීමට පෙර අවදානම් තක්සේරුවක් නොකළ බවත් වාර්තාවේ දැක්වේ.

ණය මුදල නිසි ආපසු ගෙවීම් නොමැතිව, අක්‍රීය ලෙස වර්ගීකරණය කර ඇති අතර 2024 මැයි 31 වන විට ණයගැණුම්කරුවන් විසින් කිසිදු ප්‍රාග්ධන හෝ පොලී ගෙවීම් සිදු කර නැත.

අදාළ ණය, විලා ඉදිකිරීම් සඳහා ලබාදී ඇති අතර, විගණන වාර්තාවේ අනුව, මෙය ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ ආවරණයට අයත් නොවන ක්ෂේත්‍රයකි.

2023 අවසානයේ අක්‍රීය ණය වශයෙන් වර්ගීකරණය කළ මෙම මුදල, තාක්ෂණික පරීක්ෂාවක් හෝ අවබෝධයකින් තොරව ලබාදී තිබූ බව විගණන වාර්තාව හෙළි කළේය.

Related posts

රනිල්-සජිත් සාකච්ඡා අසාර්ථකයි… මහ මැතිවරණයට සජිත් වෙනම සන්ධානයකින් !

colombotoday

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම් ! විග්නේෂ්වරන් 13 ට පණ දෙයි

colombotoday

පිලිපීනයේ භූමිකම්පාවක්

Admin

හිටපු අමාත්‍යවරයෙකු රිය අනතුරකින් මිය යයි

colombotoday

Video: කොරෝනා මරණ භුමිදානයට මන්නාරම කිසිසේත්ම සුදුසු නෑ. | මහාචාර්ය මෙත්තිකා විතානගේ

colombotoday

බැසිල් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි

colombotoday