Colombo Today Local News

“මේ ආණ්ඩුවෙන් ෆෙඩරල් ගන්න පුළුවන්.. ඒ අවස්ථාව කඩාකප්පල් නොකර ඉවසීමෙන් වැඩ කරන්න” – සම්බන්ධන් TNA මන්ත්‍රීන්ට දන්වයි

tna sambandhan

උතුරු ‍- නැගෙනහිර පළාත් එකතු කොට ඒකීය රටක් තුළ බලය බෙදාහැරෙන පෙඩරල් ක්‍රමයක් ලබාදීමට මේ රජය තුළින් වැඩි අවස්ථාවක් ඇති බැවින් එම අවස්ථාව කඩාකප්පල් වන අන්දමට කටයුතු නොකරන මෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.

සම්බන්ධන් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කොට ඇත්තේ දින තුනක සංචාරයක් සදහා ඔහු යාපනයට ගොස් සිටින අවස්ථාවේදී උතුරු පළාත් සභාවේ අමාත්‍යවරු හා මන්ත්‍රීවරු මුණගැසීමෙන් අනතුරුවයි.

ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් අසනීප බැවින් මෙම සාකච්ඡාවට සහභාගි නොවූ බව වාර්තා විය.

යාපනයේදී හා කිළිනොච්චියේදී සම්බන්ධන් මන්ත්‍රීවරයා හමුවීමට රජයේ නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් ඇතුලු කණ්ඩායම් රැසක් පැමිණි අතර රජයේ පුනරුත්ථාපන වැඩපිළිවෙල යටතේ පුනරුත්ථාපනය වී නිදහස ලද එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක්ද පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න මන්ත්‍රීවරයාට ඉදිරිපත් කොට තිබේ.

ඔවුන්ගේ ප්‍රශ්න අතර මූලික වී තිබුණේ ස්ථිර රැකියා නොමැතිකමත් ජීවත් වීම සදහා ඔවුන්ට ඇති ආර්ථික ප්‍රශ්නත් ඔවුන්ටද දේශපාලනයේ නියැලීමට දෙමළ ජාතික සන්ධානය හරහා සෘජු අවස්ථාවක් සලසා දෙන ලෙස වූ ඉල්ලීම් කීපයකි.

දේශපාලනඥයින් හමු වූ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් රැසක්ම පෙන්වා දී ඇත්තේ රජයෙන් පෙඩරල් ක්‍රමයකට සහය නොලැබුණහොත් ඊළගට ගත හැකි ක්‍රියාමාර්ගයන් මොනවාදැයි යන ප්‍රශ්නයයි.

රජය කරන්නේ කුමක්දැයි යන්න මුලින් විමසා බලා ඊළගට ගතයුතු තීරණය සලකා බැලිය හැකි බව මෙහිදී සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසා ඇත.

උතුරු පළාත් සභාවේ බොහෝ මන්ත්‍රීවරු පවසා ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනය හරහා රජයේ සහය මෙම ප්‍රශ්නයට නොලැබෙන්නේ නම් ඒ සදහා විදේශ රටවල සහය ලබාගෙන රජයට විශාල බලපෑමක් කළ යුතු බවයි.

Asianmirror.lk

Related posts

පාවාදීම් සියල්ල සම්පූර්ණයි ! ජිනීවා සැසියට මෙවර බිල්ල අද්මිරාල් කරන්නාගොඩ

colombotoday

ඇමරිකාවේ කිසිදු අධිකරණයකින් ගෝඨාට සිතාසි ලැබී නෑ

colombotoday

ණය ගෙවීමට ඉතිසයේ වැඩිම මුදල ලබන වසරේ… අයවැය පරතරය පියවීමට රු. බිලියන 1994ක ණයක් ගනී..

colombotoday

සයිනොපෙක් පෙට්‍රල් ඩීසල් රුපියල් 3ක් අඩුවෙන් දෙයි

Admin

තව අවුරුද්දකින් ගෑස් සිලින්ඩරේට රට බාරගන්න වෙනවා

Admin

හිස්බුල්ලාට-බදියුදීන්ට එරෙහිව CIDයට බරපතල පැමිණිලි…

colombotoday