Colombo Today Local News

අර්චුනාගේ මංත්‍රීකමටත් ලෙඩක් වැටෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුන රාමනාදන් මහතා පාර්ලිමේන්තු ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට නිඟමනය කරන ක්වෝ වොරන්ටෝ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.

ඔහු වෛද්‍ය නිලධාරි තනතුරෙන් ඉල්ලා අස්වීම ලබානොදී පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ඇති බවත් රජයේ සේවකයකු ලෙස ඔහු මැතිවරණ නීතිය උල්ලංඝනය කර ඇති බවත් පෙත්සම්කරු එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.

එම පෙත්සම සෝභිත රාජකරුණා හා මහේෂ් ගොපල්ලව යන මහත්වරුන් හමුවේ ඊයේ (17) කැඳවූ අතර එය කරුණු තහවුරු කිරීම සඳහා ලබන ජනවාරි 15 වැනිදා කැඳවීමට විනිසුරු මඬුල්ල දින නියම කළේය.

රජයේ සේවයෙන් ඉවත් නොවී පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා භාරදීම නීති විරෝධී වන බැවින් වගඋත්තරකාර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට තීන්දු කොට එම මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරනා ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

මංගල පොදු දේපල අවභාවිතා චෝදනා පිලිගනී.. දෙවන දිනටත් CIDයට

colombotoday

ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලට ළගාවෙයි

colombotoday

ලාන් කාන්ත රිමාන්ඩ්

colombotoday

ත්‍රස්තවාදීන්ට මරණ දණ්ඩනය දෙනවා..

colombotoday

රවීට වළ කපන ළගම මිතුරා කවුද?… අගමැති රනිල්ද?… මලික් සමරවික්‍රමද?

colombotoday

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් දිවයිනට

Admin