ජනාධිපති අනුර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී ගිවිසුම් ගණනකට එකඟ වූ බවට විපක්ෂය විසින් පවසන දේ අසත්‍ය බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
දෙරට අතර ඉන්ධන නල මාර්ගයක්, විදුලි කේබල් පද්ධතියක් සම්බන්ධයෙන් කිසිදු අවසානාත්මක ගිවිසුමකට එකඟ වී නැති බවද පැවසූ ඇය ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර කිරීමට පමණක් එකඟ වී ඇතැයි ද කියා සිටියාය.
එකග වී ඇත්තේ සාම්පූර් ප‍්‍රදේශයේ සුර්ය විදුලි ව්‍යාපෘතියක් ඇතුළු කාරණාවලට බවත් ඇය පැවසුවාය.
පාර්ලිමේන්තු අමතමින් ඇය මෙම අදහස් පළ කළාය.