Colombo Today Local News

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් විදේශ තානාපති සහ කොන්සල් ජනරාල් කාර්යාල 07ක් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.ඒ අනුව කුවේට්, ජපාන හා කටාර් තානාපති කාර්යාල, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, කැනඩාවේ ටොරොන්ටෝ, ඉතාලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාල හරහා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කෙරේ.

ශ්‍රී ලංකාව තුළදී ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික ලබා ගැනීමට හැකි වන සේ සකසා ඇති ක්‍රමවේදය අනුවම විදේශ තානාපති කාර්යාල හරහා ද එම සහතික නිකුත් කිරීමට හැකි වන පරිදි රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව හා විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව පවත්වාගෙන යනු ලබන e- BMD දත්ත පද්ධතිය වැඩි දියුණු කිරීමට මේවන විට කටයුතු කර තිබේ.ඒ අනුව මුල් අදියරේ දී e-BMD දත්ත පද්ධතිය දැනට පරිලෝකනය කර ගබඩා කර ඇති මිලියන 45 කට ආසන්න උපත්, විවාහ හා මරණ සහතික පමණක් නිකුත් කිරීම සිදු කරනු ඇත.

මෙම සහතික 1960.01.01 දිනට පසු ලියාපදිංචි කර ඇති සහතික වන අතර දත්ත පද්ධතියේ මුල් අවස්ථාවේදී පරිලෝකනය වූ සහතිකයක් පසුව සංශෝධනය වී ඇත්නම් එවැනි සහතික ඇතැම් අවස්ථාවන්හි දී දත්ත පද්ධතිය තුළ යාවත්කාලීන වීමේ සුළු ප්‍රමාදයක් පැවතිය හැකිය.

ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

ජල ව්‍යාපෘති 20 ක්‌ ඇරඹීමේදී බිලියන ගණනක අක්‍රමිකතාවක්‌ සිදුවූවැයි හිටපු ඇමැති දිනේෂ් ගැන පරීක්ෂණ

colombotoday

“වියත් මගේදී ගෝඨාභය කීවේ 2025 අපේ ආර්ථික සැලැස්මයි” – හර්ෂ ද සිල්වා

colombotoday

ජනපතිට කොරෝනා යැයි මුහුණු පතේ පළ කළ නර්තන ශිල්පිනිය රිමාන්ඩ්

colombotoday

හිටපු රග්බි සභාපති ක්‍රීඩා ඇමතිගෙන් කෝටි 50ක වන්දියක් ඉල්ලයි

Admin

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිරදී

colombotoday

සයිටම් අධිපති නෙවිල්, මට කතා කරන්න ඕන වුණාම මගේ දියණියට කතා කරනවා.. මා එක්ක නෑ

colombotoday