මාලිමාණ්ඩුව බලයට පත්ව මසක් ගෙවෙන විට පොල් ගෙඩිය ගුරුත්වයෙන් මිදී බෑයක් රු. 75ට අලෙවි වන බව සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් සෙනෙවිරත්න පවසයි.
මේ වන විට සහල් කිලෝවක් රු. 230 දක්වා ඉහළ ගොස් ඇති අතර පළපුරුද්දක් නොමැති කණ්ඩායමක් අතට බලය ලබා දීම නිසා රට නැවත ගෝඨාභය මාවතේ යමින් ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.
ඥාති සංග්‍රහ මිත්‍ර සංග්‍රහ නැතැයි ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළ ද බිමල් රත්නායක සහ ඔහුගේ බිරිඳ ද සමන්ත විද්‍යාරත්න සහ සොහොයුරා ද මෙවර මැතිවරණයට තරඟ කරන බව ද ලක්ෂ්මන් සෙනෙවිරත්න සඳහන් කරයි.