මැතිවරණ ව්‍යාපාරය වේගයෙන් ඉදිරියට එමින් තිබෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සැකයකින් තොරව තහවුරු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය.
මේ වන විට විපක්ෂය බෙදී සිටින නමුත් ආණ්ඩු පක්ෂය බෙදී නැති බවත් 69 ලක්ෂයක් ගත්ත පිරිසෙන් නායකයෝ කිහිප දෙනෙක් ඇරෙන්න අනෙක් සියලු දෙනා රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමට පෙළගැසී සිටින බවයි කාරියවසම් මහතා කියාසිටියේ.
රට වැටී තිබියදී එය භාරගෙන ගොඩගත් දිනම රනිල් වික්‍රමසිංහ මහතාට ජන්දය දෙන බවට ගම්වල ජනතාව තීරණය කර තිබෙන බවද ජනතාව සමඟ කතා කිරීමේදී පැහැදිලි වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.