Colombo Today Local News

මවට අමතක වූ සිඟිත්තා ජල ටැංකියට බිලි වෙයි

අවුරුදු තුනක් වයසැති සිගිති දරුවෙකු නිවසේ මසුන් ඇතිකරන ජල ටැංකියට ඇද වැටී දියේ ගිලී මියගොස් ඇතැයි මිද්දෙනිය පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, නැගෙනහිර මිද්දෙනිය ලිපිනයේ පදිංචිව සිටි සිගිත්තෙකි.

දරුවාගේ මව සිය නව හැවිරිදි දරුවා සහ මියගිය තුන් හැවිරිදි දරුවා රාත්‍රි ආහාරය ගැනීමෙන් පසු ඔවුන්ගේ ඇග සෝදා නින්දට යැවීමට නිවස පිටත තනා ඇති ජල ටැංකිය වෙත කැදවා ගෙන ගොස් තිබෙනවා.

නව හැවිරිදි දරුවාගේ ඇග සේදූ මව කුඩා දරුවා ජල ටැංකිය අසල සිටියදී වැඩිමහල් දරුවා සමඟ නිවස තුලට ගොස් ඇති අතර නැවත පැමිණ සොයා බැලීමේදී කුඩා දරුවා මසුන් ඇතිකරන ජල ටැංකිය තුලට වැටී සිටිනු දැක ඔහු ගොඩට ගෙන මිද්දෙනිය රෝහලට ඇතුළත් කර තිබුණා.

මිද්දෙනිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කුඩා දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Related posts

පාර්ලිමේන්තුවේදී අද පක්ෂ නායක රැස්වීමක්

colombotoday

මේ ජනාධිපති මාර කතා කියන්නේ. මේ අපේ කාලෙ හිටපු මෛත්‍රිද කියලා මට නම් හිතාගන්නවත් බැහැ.

colombotoday

ගාලු කොටුව විකිණීමේ සූදානමක්… පුරාවිද්‍යාවට වහාම ඉවත් වෙන්නැයි දන්වයි

colombotoday

මුස්ලිම් කටයුතු ඇමති වහා මාරු කළ යුතුයි… මේ පරීක්ෂණ කටයුතුවලට ස්වාධීනත්වයක් ඕන – හමුදාපති

colombotoday

චීනයෙන් ලැබෙන ඩීසල් ගොවිතැනට නොමිලේ

Admin

උහන බණ්ඩාරදූව හරහා හමා ගිය දැඩි සුළඟකින් නිවාස 9කට හානි

colombotoday