Colombo Today Local News

තායිලන්තයේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍යයි

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසන්නේ මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බව යි.

ඒ, ශ්‍රී ලාංකිකයින් පිරිස රඳවා සිටින ප්‍රදේශය හමුදා පාලනයෙන් බැහැරවීම හේතුවෙන් ය.

මාස කිහිපයකට පෙර මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ ඇති ප්‍රදේශයක ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනෙකු රදවාගෙන විවිධ පරිගනක අපරාධ සඳහා යොදා ගනිමින් සිටින බව අනාවරණය කළේ ය.

රඳවා ගෙන සිටින පිරිස අතුරින් 8 දෙනෙකු පසුගියදා මුදා ගැනිණ.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානපති ජානක බණ්ඩාර මහතා පැවසුවේ මුදාගත් පිරිස තායිලන්තය හරහා මෙරටට එවීමට කටයුතු කරන බවයි.

Related posts

අකිලගෙන් අධ්‍යාපනය ගැලවෙයි.. රාජිත සෞඛ්‍යම ඉල්ලයි.. බුද්ධිකටත් නි.ඇමතිකමක් !

colombotoday

ධානිෂ් අලිට ඇප

colombotoday

ව්‍යාජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපනයට-රැකියාවට ගිය ලාංකිකයින් 27ක් එරටදී අත්අඩංගුවට

colombotoday

මහින්ද මෛත්‍රී හමුව අද පස්වරු 4න් පසු

colombotoday

තවත් ඇමතිවරු 10ක් අද දිවුරයි

colombotoday

අස්ගිරිය නිහඩතාවය බිදී.. ‘සංහිදියාවට මුවාවී බෞද්ධ මර්ධනයක්‘ මහා නාහිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday