Colombo Today Local News

දුම්රියට පැන සියදිවි හානි කර ගැනීමට උත්සහකල 14 හැවිරිදි දැරියක් පොලිස් භාරයට

ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ නියෝග කර තිබෙන්නෙ තල්පේ, මිහිරිපැන්න ප්‍රදේශයේදී දුම්රියට පැන සියදිවි හානි කර ගැනීමට තැත් කළ 14 හැවිරිදි බාල වයස්කාර දැරියක සුදුසු භාරකරුවෙකු ඉදිරිපත් වන තෙක් කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබීමට පියවර ගෙන ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම දැරිය දුම්රියට පැනීම සඳහා දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඥාතියෙකු දැක ඇයව බේරා ගෙන පොලිසියට භාර දී ඇති බව ය.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මෙම දැරියගේ මව වෙනත් විවාහයක් කර ගෙන ඇති අතර පියා ද වෙනත් විවාහයක් කර ගෙන ඇති බව ය.

මෙම දැරිය පියා, කුඩම්මා සහ පියාගේ මව (මිත්තණිය) සමග සිට ඇති බව ත් පියා සහ මිත්තණිය ඇයට නිතර ම පහර දුන් බව දැරිය පවසා ඇති අතර ඒ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක ද පොලිසියට පැමිණිලි කර ඇති බව ත් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම දැරිය පාසල් ගොස් ඇත්තේ, 2 ශ්‍රේණිය දක්වා පමණක් බව පරීක්ෂණවලදී වැඩිදුරට ත් අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව කිසිදු බලධාරීයෙකු සොයා බලා නොමැති බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ ය.

හබරාදූව පොලිසිය විසින් දැරිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර පරිවාස දෙපාර්තමේන්තුව වෙනුවෙන් පරිවාස නිලධාරි ප්‍රමිල් විජේතුංග පෙනී සිට තිබේ.

Related posts

QR කේතය සහිත ඩිජිටල් රියැදුරු බලපත්‍රක්

colombotoday

වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ් – සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

colombotoday

නව ව්‍යවස්ථාවෙන් ෆෙඩරල් ගේන්න හදන වෑයම රාජපක්ෂලා කඩාකප්පල් කරන්න හදනවා – සම්බන්ධන්

colombotoday

පැරසිටමෝල් පෙත්තට උපරිම සිල්ලර මිලක්

colombotoday

ඊළම දෙන්න කුමන්ත්‍රණය කරන පාර්ලිමේන්තුවේ 4ක් ගැන හේමකුමාර හෙළිකරයි

colombotoday

කඳාන උප දුම්රිය ස්ථානය වසා දමයි

colombotoday