Colombo Today Local News

දුමින්ද, ලසන්ත, මහින්ද ඉවත් කිරීමට විරුද්ධව අතුරු තහනමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන අය සදහා නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් පසුගිය සෙනසුරාදා (30) දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර හදිසියේ ඉවත් කර තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව එදින පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අතර එහිදී මෙම තීරණ ගෙන තිබුණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කළ දුමින්ද දිසානායක මහතා වෙනුවට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන මහතා පත්කළේය.

එසේම භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කළ ලසන්ත අලගියවන්න මහතා වෙනුවට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා පත්කළ අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතා වෙනුවට සරත් ඒකනායක මහතාවත් පත් කර තිබුණි.

Related posts

මධුෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

colombotoday

ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි

Admin

ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ හැකි – ජනපති

colombotoday

රාජාංගනයේ සද්ධා රතන හිමි CID අත්අඩංගුවට

Admin

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

colombotoday

හන්තානත් එළිපෙහෙළි කරයි එනසාල් වගාවක්ලු.. දේශපාලඥයෙක්ගේ සහය

colombotoday