Colombo Today Local News

අනවසර සංක්‍රමණිකයන් පිරිසක් රැගත් යාත්‍රාවක අනතුරකින් 60 දෙනෙක් මියයයි

මධ්‍යධරණී මුහුදේ දී ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි අනවසර සරණාගතයින් රැගත් යාත්‍රාවක් ගිලී යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ යාත්‍රාවකි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉතාලිය හෝ මෝල්ටාව බලා එම යාත්‍රාව ගමන් කරමින් පැවති බවය.

අනතුරට ලක්වී සිටි පිරිසෙන් පුද්ගලයින් 25 දෙනෙක් මුදාගැනීමට හැකිවී තිබේ.

ස්වේච්ඡා සහන සේවා කණ්ඩායම් මෙම මුදාගැනීමේ මෙහෙයුම සිදුකර තිබුණේ ඉතාලි වෙරළාරක්ෂක සේවායේ ද සහායෙනි.

මධ්‍යධරණී මුහුද සැලකෙන්නේ, අනවසර සංක්‍රමණිකයින් ගමන් කරන ලොව වඩාත් භයානකම මුහුදු මාර්ගය ලෙසය.

එක්සත් ජාතීන්ගේ සරණාගත සේවයට අනුව ඒ ඔස්සේ යුරෝපයට පැමිණීමට උත්සාහ කරන අනවසර සංක්‍රමණිකයින්ගෙන් 2,500ක් පමණ අතුරුදන් හෝ මියයයි.

මේ වසර තුළ මධ්‍යධරණී මුහුදේ සිදුවූ අනතුරුවලින් මියගොස් ඇති සංක්‍රමණිකයින් ගණන 226කි.

Related posts

ත්‍රස්තවාදීන් ගැන තොරතුරු ගන්න ආරක්ෂක අංශ ඥාණසාර හිමි හමුවෙන්න වැලිකඩ යයි

colombotoday

වැලිගම මුහුදු වෙරළේ කැස්බෑ සිරුරු දෙකක්

colombotoday

නැගෙනහිර පර්යන්තයට නුසුදුසු දොඹකර 06ක් ගෙන්නා විශාල පාඩුවක්

Admin

පක්‍ෂව 159යි… විපක්‍ෂව 52යි… අයවැය සම්මතයි

colombotoday

රිෂාඩ් බදු­යු­දීන් රාජ්‍ය මුදල් අව­භා­විත කර­මින් මන්නා­රමේ ඉදි­කි­රීම් කරලා

colombotoday

අගමැතිගේ පඹයන් ගිනි තබා දඹුල්ලේ විරෝධතා !!

colombotoday