Colombo Today Local NewsUncategorized

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

ඊයේ 10 ඇලපාත, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ව ඇයගේ ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙන බව පොලීසිය පැවසයි.

මෙම සිදුවීම පිළිබඳ ලද පණිවුඩයක් මත පරීක්ෂණ ආරම්භ කළ බවය.

පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා හා බිරිඳ වෙන්ව නිවෙස් දෙකක ජීවත්ව ඇති අතර, ඊයේ මියගිය කාන්තාව විසින් දරුවන්ගේ පොත්පත් රැගෙන එ්මට ස්වාමිපුරුෂයාගේ නිවසට ගිය අවස්ථාවේ දී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.

එහිදී ස්වාමියා විසින් තියුණූ ආයුධයකින් පහරදී ඇති බවට සිදුකළ පොලිස් විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 40 හැවිරිදි කාන්තාවකි.

අවුරුදු 43ක් වූ සැකකරු මේ වනවිට පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

එජා සංවිධානය ත්‍රීමලේ නාවික කදවුරට කඩාපැන එහි වධකාගාර තිබූ බව ප්‍රකාශ කරයි

colombotoday

හෙරොයින් කිලෝ 2ක් සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට

colombotoday

යල කන්නයේ වගා කළ කුඹුරුවලින් 90% කට ජලය මුදා හැර අවසන්

Admin

මංගලගේ සිහින බොද වෙයි.. ‘සමලිංගික විවාහ‘යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි !

colombotoday

සියක් වසක් ආයු විද දකුණේ මහ යතිරුවණක් අපවත් වෙති

colombotoday

ඤාණසාර හිමිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

colombotoday