32 C
Colombo
6 April 2025
Colombo Today Local NewsUncategorized

ජල විදුලිය දීමට හැක්කේ තවත් සති 6ක් පමණයි

ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉන්ජිනේරුවෝ අනතුරු අගවන්නේ පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය කළ හැක්කේ, තවත් සති 6කට පමණක් බවයි.

දිවයිනට ම විදුලිය සැපයීම සඳහා ගිගාවොට් පැය 130ක පමණ ධාරිතාවක් මේ වනවිට පවතින බවත් ඔවුහු සඳහන් කරති.

පෙර වසරවලට සාපේක්ෂව මේ දක්වා ජල විදුලි බලාගාර ප්‍රශස්ත ජල මට්ටමක පැවතියේ අනපේක්ෂිතව ලැබුණු අධික වැසි නිසා බව ත් ඉකුත් සතිය වනවිට එම සමස්ත ජල ධාරිතාව 80% ඉක්මවා තිබුණ බව ත් ජ්‍යෙෂ්ඨ විදුලි ඉන්ජිනේරුවෙක් පැවසීය.

කෙසේ නමුත්, මෙම ජලාශවලින් පානීය ජලයට සහ ගොවිතැන් කටයුතු සඳහා ජලය මුදාහැරීමට සිදුවුවහොත් විදුලිය උත්පාදනය කිරීම සඳහා ජලය ප්‍රමාණවත් නොවනු ඇති බව ද එම ජ්‍යෙෂ්ඨ විදුලි ඉන්ජිනේරුවා සඳහන් කළේ ය.

මේ වනවිට කාසල්රි මාවුස්සාකැලේ ජල ධාරිතා 70% ඉක්මවා ඇති අතර සමනල වැව හා රන්දෙණිගල ජලාශවල ජල මට්ටම 85% ඉක්මවා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

ඔහු තවදුරට ත් සඳහන් කළේ, වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව 90% ඉක්මවා ඇති බව ය.

මේ තත්ත්වය හේතු කරගනිමින් ලංවිම සිය විදුලි නිෂ්පාදන ධාරිතාවෙන් 65%ක් තාප බලාගාර යොදාගනිමින් දැනටම ත් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති අතර වැඩි ප්‍රතිශතයක තිබූ ජල විදුලි නිෂ්පාදන ධාරිතාව 20% දක්වා අඩු කර තිබේ.

Related posts

අයවැයට සහයෝගය දීමේ හිලව්වට විග්නේෂ්වරන් සිරකරුවන් ඉල්ලයි

colombotoday

යුද අපරාධ චෝදනා නිරුත්තර කරන ‘විරුවන්ගේ විත්ති වාචකය‘ ගෝඨාට !

colombotoday

පොම්පියෝට එන්න නොදුන්නොත් කියාවි ලංකාවට ඉන්නෙ ස්වාසිලංතය විරයි කියලා

colombotoday

ජාතික පාසල් ගුරු ස්ථාන මාරුවීම් ගැන කියන්න අංකයක්

colombotoday

බුර්කාවෙන් මළගෙදරකට ගිය 23 හැවිරිදි තරුණිය සහ ඇයගේ සැමියා අත්අඩංගුවට…!

colombotoday

“සියලුම ජාතිවාදී ගැටුම් මෙහෙයවන්නේ ගෝඨාභයයි.. බොදුබල සේනාවත් ඔහුගේ“ – එස්.බී

colombotoday