Colombo Today Local News

“බෝම්බ ඇදුම් හමුවුණාට උතුරේ නිර්හමුදාකරණය නවත්වන්නේ නෑ” – ආරක්ෂක ලේකම් හින්දු පුවත්පතට කියයි

Karunasena-Hettiarachchi

යාපනය චාවකච්චේරියේ නිවසක තිබී මරාගෙන මැරෙන බෝම්බ කට්ටල සහ පුපුරණ ද්‍රව්‍ය හමුවීම උතුරේ නිර්හමුදාකරණ ක්‍රියාවලියට බාධාවක් නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් පවසයි.

මෙලෙස උතුරුකරයෙන් නැවතත් පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ හමුවීම පුදුමයට පත්කෙරෙන කරුණක්දැයි හින්දු පුවත්පත විමසූ අවස්ථාවේදී ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ එය කිසිසෙත්ම විශ්මය දනවන කරුණක් නොවන අතර රටේ ජාතික ආරක්ෂක පද්ධතියේ කාර්යක්ෂමතාව ඉන් පිළිබිඹු වන බවයි.

හුදකලා සිදුවීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස හුවා දැක්විය නොහැකි බවත්, විපක්ෂය සහ ඇතැම් මාධ්‍ය එවැන්නක් හුවා දැක්වීමට උත්සහා කළද එම සිදුවීම් හෙළිදරව් කර ගැනීමේ ගෞරවය රජයට හිමිවන බවද ආරක්ෂක ලේකම් වරයා ප්‍රකාශ කරයි.

එබැවින් උතුරේ හමුදා ක්‍රියාකාරකම් සීමා කිරීමේ වැඩපිළිවෙල අඛන්ඩවම ඉදිරියට ගෙනයන බවද ආරක්ෂක ලේකම් වරයා අවධාරණය කරයි.

Related posts

බෝධිසත්වයෙකු වෙස් ගත් පුද්ගලයාට විදෙස් ගමන් තහනමක්

Admin

අගමැති පුටුවෙන් ජනපති පුටුවට. – රනිල් සුදානමින්

colombotoday

චීන දූත පිරිසට PCR පමණයි.. නිරෝධායනය කරන්න බෑ ඔවුන් චීනයේ බලවත් පිරිසක් – සෞඛ්‍ය ඇමතිනී පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

ඉන්දිය මහ කොමසාරිස් අගමැති රනිල් හමුවී සුබ පැතුම් එක් කරයි

colombotoday

විනාඩි 4 න් රුපියල් මිලියන 100 ක මගඩිය සිදුවුනේ මෙහෙමයි

colombotoday

රුපියල් මිලියන 63 ක කේරල ගංජා තොගයක් වෙත්තලකේනි මුහුදු සීමාවේදී අල්ලයි

colombotoday