Colombo Today Local News

පැය 24 ක් තුලදී 663ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළදී 663 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන්ය.

ඒ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 547ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116ක් සිටින බව පොලීසිය පවසයි.

ඔවුන් සතු ව තිබී, හෙරොයින් 175gයි 191mgක්, අයිස් 171g‍යි 197 mgක්, මාවා 77gයි 200mgක්, ගංජා 515gයි 538 mgක්, ගංජා පැළ 807ක්, , මත්පෙති 296ක්, මදන මෝදක 85gක් පොලිස් භාරයට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 547 දෙනා අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 04 දෙනෙකු සිටින බව සඳහන් ය.

රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරන සැකකරුවන් දෙදෙදෙනකු සිටින අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් දෙදෙදෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත ද යොමු කර ඇත.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 116 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත් කර සිටින සැකකරුවන් 14ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 95ක් ද සිටින බව වාර්තා වේ.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගත් සැකකරුවන් 03 දෙනෙකු සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 04 දෙනෙක් ද මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

නව ව්‍යවස්ථාව එපා කියන්න කිසිම භික්ෂුවකට අයිතියක් නෑ.. කවුරුත් ලක්ෂ 62 ට යටයි – දඹර අමිල හිමි

colombotoday

සංචාරක ක්ෂේත්‍රයේ ණය සහනය දීර්ඝ කෙරේ

colombotoday

කොටි ගුවන්පථය ඉල්ලා උද්ඝෝෂණ.. ආරක්ෂක අංශවලටත් තර්ජණය කරයි !! (Video)

colombotoday

කේරළ ගංජා සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

colombotoday

සැප්තැම්බර් 08 සිට පාසල් යළි සුපුරුදු වේලාවන්ට

colombotoday

නොරොච්චෝල බලාගාරයේ නීති විරෝධී ව්‍යාපෘතියකට රුපියල් කෝටි 12 ක් මහජන මුදල් වැය කරලා.

colombotoday