Colombo Today Local News

මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට රුහුණු කුමාරි හෙට සිට වෙනස් වෙයි

රුහුණු කුමාරි දුම්රිය හෙට (16)දිනයේ සිට නැවතත් මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

මගී ජනතාවට වඩාත් පහසු සේවාවක් ලබා දීම සඳහා මාතර සිට රුහුණුකුමාරි දුම්රිය නැවතත් ධාවනයට එක් කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පැවසීය.

පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විසින් තමා වෙත කළ දැනුම්දීම් අනුව රුහුණු කුමාරි දුම්රිය නැවතත් මාතර සිට ධාවනය කිරීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ඉන්දියාවෙන් නව දුම්රිය එන්ජින් ලැබුණු පසු බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට දුම්රිය ගමන් පහසුකම් වඩාත් පුළුල් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මේ රටේ හරියට ඉන්න බැරිනම් පව් නොදී ආපු තූත්තිකුඩියකට යන්න: විමල් බදියුදීන්ගේ මූණටම කියයි

colombotoday

වරායට විශ්‍රාමික සේවකයින් කැඳවයි

colombotoday

තවුහිද් ජමාත් කොළඹ නායකයා ඇප මත මුදා හැරිමට නියෝග

colombotoday

මගේ බෙල්ලත් දෙනවා, හදවතත් දෙනවා, සරුවාංගයම පරිත්‍යාග කරනවා !

colombotoday

පොල් මිළ ඉහළ යද්දී ෆාම් තෙල් කලවම් බාල පොල්තෙල් වෙළඳපොලට !

colombotoday

භයානක ඉන්දීය වයිරස ප්‍රභේදය මෙරටින් හමුවෙයි.

colombotoday