Colombo Today Local News

“අවි ආයුධ හමුවීම සාමාන්‍ය දෙයක්.. ජාතික ආරක්ෂාවට තර්ජණයක් නෑ” ආරක්ෂක ලේකම්

karunasena hettiaracchi

යුද සමයේ සැඟවූ වූ සහ අත්හැර දමා ගිය පුපුරන ද්‍රව්‍ය සහ යුද උපකරණ යුද්ධය පැවති ප්‍රදේශවලින් හමු වීම සාමාන්‍ය තත්වයක් බව කියා සිටින ආරක්ෂක අමාත්‍යංශය, එමගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව පවසයි.

ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඒ බව සඳහන් කළේ යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක තිබී මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

‘යුධ සමයේ තැන්වල දමා ගිය ඒවා පසුගිය කාලයෙත් හමු වුනා. දැනුත් හමු වෙනවා.’

බුද්ධි අංශ හා ආරක්ෂක හමුදා ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වන බව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය.

බදාදා උදෑසන චාවකච්චේරි පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ පරීක්ෂාවක දී ප්‍රදේශයේ නිවසක් තුළ තිබී මරාගෙන මැරෙන ඇදුම් කට්ට්ලයක්, පැති බෝම්බ 04ක්, කිලෝග්‍රෑම් 12ක බරින් යුතු ටීඑන්ටී පුපුරන ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03ක්, මිලිමිටර් 09 වර්ගයේ පතොරොම් 100ක් හමුව තිබේ.

එම ආයුධ තොගය ළගතබාගත් පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පුනුරුත්තාපනය නොවූ කොටි සාමාජිකයෙකු බව හෙළිව තිබේ.

Related posts

ජනපති මහ බැංකු නිලධාරීන්ට දුන් පැය 24ක කාලයේදී සංචිත අනුපාත පහල දමයි.. වෙළදපලට සම්පූර්ණ වශයෙන් බිලියන150ක්

colombotoday

ජොන්ස්ටන් ප්‍රනාන්දු බේරාගන්න පොලීසියට බාර වුනු අනුරුද්ධ සම්පායෝ.

colombotoday

ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි අරඹන්න තීරණයක්

Admin

පළාත් පාලන නියෝජිතයන්ගෙන් 99% ක්‌ කිරුළපනටයි

colombotoday

පුළුවන්නම් ඉන්න නායකයෝ ටික හදනවා – බැරිනම් එලවනවා – ඥානසාර හිමි

colombotoday

පැය 24ට ගුවන් මගීන් 2068ක් දිවයිනට

colombotoday