Colombo Today Local News

කලා වැවේ හදිසි වාන් දොරටු අඩි 16 බැගින් විවෘත කරයි

කලාවැව හදිසි වාන් දොරටු අද(29) පෙරවරුවේ සිට අඩි 16 බැගින් විවෘත කිරීමට කලාවැව ජලාශ බාර කාර්යාලය පියවර ගෙන තිබේ.

මේ වනවිට කලාවැවේ සමස්ථ ජලධාරිතාවය අක්කර අඩි 86357ක්ව තිබේ.

අඩි 16 බැගින් විවෘත කර ඇති හදිසිවාන් දොරටු මගින් මේ වනවිට තත්ත්පරයට ඝණ අඩි 13443ක ජලධාරිතාවයක් කලාඔයට මුදා හැරෙමින් පවති.

මේ හේතුවෙන් කලාවැව අවුකන මාර්ගය අවුකන විහාරස්ථානය අසළ සිට දුම්රිය පාලම දක්වා කොටස ජලයෙන් යටව ඇති අතර මේ වනවිට එම මාර්ගයේ රථවාහන ධාවනය ද ඇන හිට තිබේ.

කලාවැව අවට ප්‍රදේශයට තවදුරටත් වැසි ලැබෙමින් පවතින අතර තත්ත්පරයට ඝණ අඩි 10000ක පමණ ජලධාරිතාවයක් දඹුළු ඔය ඇතුළු ජලමූලාශ්‍ර මගින් මේ වනවිටත් කලාවැවට එක්වෙමින් පවති. මේ වනවිටත් කලාවැව ජල පෝශක ප්‍රෙද්ශවලට වැසි ලැබෙමින් පවති.

Related posts

චීන සහ ඉන්දියානු විදෙස් ශ්‍රමිකයන් 25,000කට මෙරට වීසා !

colombotoday

අද වාර්තා වූ කොරෝනා රෝගියා ඉන්දුනීසියාවේ ගොස් පැමිණි බේරුවල පුද්ගලයකුගේ බිරිඳක්.

colombotoday

පාලමක් අසල කලපුවේ නාඳුනන පුද්ගල මළසිරුරක්

Admin

ඡන්දය සලකුණු කරන ආකාරය

colombotoday

මහින්ද සමග නැගිටින්න හැදූ 4ක් ආණ්ඩුවට… ඇමති ධූරත් සූදානම් !

colombotoday

පෞද්ගලික බලාගාර 3කින් විදුලිය මිලදී ගන්න විදුලි බල මණ්ඩලය තීරණය කරයි

colombotoday