World

ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි

ඊශ්‍රායලය තම ගොඩබිම් ප්‍රහාර, මධ්‍යම ගාසාවේ සරණාගත කඳවුරු දක්වා විහිදුවා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.

ගත වූ දින කිහිපයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් බුරෙයිජ්, නුසෙයිරාත් සහ මාගාසි කඳවුරුවල දුසිම් ගණනක් මිනිසුන් මිය ගිය බව වාර්තා වුණු අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි කනස්සල්ලට හේතු වී ඇත.

ඛාන් යුනිස් නගරයේ ද තවමත් දරුණු සටන් පැතිර ඇති අතර, පලස්තීන ජනාධිපතිවරයා මෙම තත්ත්වය, යුද්ධයකින් ඔබ්බට ගිය සමූල ඝාතනයක් ලෙස අර්ථකථනය කර තිබේ.

හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ, පසුගිය පැය 24 තුළ අවම වශයෙන් පුද්ගලයන් 195 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

Related posts

චීන කඳවුරුවල උයිගර් කාන්තාවන් දූෂණ කල බවට චෝදනා

colombotoday

ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එකග වෙයි

colombotoday

රුසියාවෙන් එක් දිනකදී පමණක් මිසයිල ප්‍රහාර 90ක් – යුක්‍රේන ජනපති

Admin

බ්‍රසීලයේ ගර්භණී කාන්තාවන් 1000කට අධික ගණනක් කොවිඩ් බිලි ගනී

colombotoday

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවෙන් දෙවන වරටත් ISIS ඉලක්ක වෙත දරුණු ප්‍රහාර (Video)

colombotoday

ප්‍රහාරයකට කුරුමාණම් ඇල්ලූ ඉස්ලාම් ත්‍රස්තයෝ 8ක් සිංගප්පූරුවේදී අල්ලයි

colombotoday