Colombo Today Local News

මුහුදේ ගිලී දරුවෙක් අතුරුදන්

මාරවිල පොලිස් වසමේ ඊයේ (27) සවස මුදුකටුව මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතරින් එක් දරුවෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

අතුරුදන්ව ඇති දරුවා අවුරුදු 16ක් වූ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දරුවන් තිදෙනෙකු මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර, ඉන් දෙදෙනෙකු බේරාගැනීමට හැකිව තිබේ.

අතුරුදන් වූ දරුවා සොයා පොලීසිය සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් වැඩිදුර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

නාත්තණ්ඩිය ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් මෙලෙස දියේ ගසාගෙන ගොස් ඇත.

Related posts

මල්ලී ඇටවූ විදුලි රැහැනක පැටලී අයියා එලොව යයි

Admin

දිවුලපිටිය කත නව කොරෝනා පොකුරේ පළමු අසාදිතයා නොවේ – සෞඛ්‍ය අංශ තහවුරු කරයි

colombotoday

අද පාර්ලිමේන්තුවේ දි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම හොරු රැළක් යටතට !

colombotoday

රජය සහල් මාෆියාවට ඉඩ දී කරවල මිළ පාලනය කරයි.. “හාල් මිළ පාලනය නොකලේ සහෝදර ප්‍රේමය උතුරා ගිය නිසාද? – ජනපතිගෙන් විමසයි

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin