25 C
Colombo
6 April 2025
Colombo Today Local News

දුම්රිය කර්මාන්ත ශාලාවකට ආ හොරෙක් වෙඩි කයි

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කර්මාන්ත ශාලාවක දේපළ සොරකම් කළ තිදෙනෙකුට ඊයේ (26) දින උදෑසන වෙඩි තැබීමක් සිදුකර තිබේ.

අදාළ සැකකරුවන් තිදෙනා දේපළ සොරාගැනීමට උත්සාහ දැරීමේ දී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් එය නැවැත්වීමට යාමේදී ඔහුට සැකකරුවන් විසින් තියුණු ආයුධයකින් පහරදීමට තැත්කර ඇත.

එහිදී දුම්රිය ආරක්ෂක නිලධාරියා විසින් සැකකරුවන් දෙසට වෙඩිතැබීමක් සිදුකර ඇති අතර එම වෙඩිතැබීමේ දී එක් සැකකරුවෙක් තුවාල ලබා, අනෙක් සැකකරුවන් දෙදෙනා පළාගොස් තිබේ.

තුවාල ලබා ඇත්තේ අවුරුදු 51ක් වූ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කහටගස්දිගිලිය සියළු වෙළදසැල් වසා දැමේ

colombotoday

මයික් පොම්පේගේ සංචාරයට පෙර අමෙරිකානු ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට.. සාමාන්‍ය නිරෝධායන නෑ

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල ළගදීම

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ

Admin

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 24 ක් වතුර නැහැ..

colombotoday

කැස්බෑ බිත්තර 90ක් වෙරළින් ගොඩ ගත් සැකකරුවන් 9දෙනෙකු අත්අඩංගුවේ

colombotoday