Colombo Today Local News

අයවැයට සහ වැට් පනතට කතානායක සහතික

විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) සහ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත (වැට්) ඊයේ (13)දින සිට බලාත්මකවිය.

එම පනත් කෙටුම්පත්වලට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ඊයේ (13)දින සටහන් කළ අතර ඒවා බලාත්මක වූයේ ඒ අනුවය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත් 2023 අංක 32 දරණ එකතු කළ අගය මත බදු සංශෝධන පනත, 2023 අංක 33 දරණ මුදල් පනත සහ 2023 අංක 34 දරණ විසර්ජන පනත ලෙස බලාත්මක වේ.

මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න, සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න සහ ව්‍යවස්ථා කටයුතු අධ්‍යක්ෂ ජනකාන්ත සිල්වා යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

Related posts

පාස්කු ප්‍රහාරය වලක්වා නොගෙන ජනතාව ඉදිරියට එන්න ලැජ්ජ නැද්ද ? පාසල් සිසුවෙකුගේ පැනයෙන් මහේෂ්ට කට උත්තර නැතිවෙයි !

colombotoday

ඇමරිකානු ගිවිසුම අත්සන් කිරීම ජනපති නියමයෙන් කල් යයි !

colombotoday

අවසරයකින් තොරව විදේස් මුදල් විකිණීම තහනම් කරයි

colombotoday

උ/නැගෙනහිර බෞද්ධ විහාර හදනවාට උතුරු පළාත්සභාව විරුද්ධයි.. යෝජනාව උඩින්ම සම්මතයි

colombotoday

සල්ලි කොල්ලකන අපරාධ කල්ලියක් ගැන මහ බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

colombotoday

නව යුද හමුදාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක !

colombotoday