Colombo Today Local News

පොලිස් ඇමතිගේ පුතාට ගැසූ දඩය පොලිසිය ගෙවා ලයිසන් එක අතටම ගෙනත් දීලා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුත්‍රයාට රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් දඩයක් නියම කර ඇති පුවතක් වාර්තා වෙයි.

අදාළ තරුණයා මහනුවර බලා ගමන් කරමින් සිටියදී ගලගෙදර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් පසුකර යෑමට උත්සාහ දැරීමේ දී සුදු ඉර කැපීම හේතුවෙන් එලෙස රථවාහන දඩයකට ලක්ව ඇති අතර මෙහිදි ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා වරද පිළිගෙන ඇති අතර, ඔහුට දඩ කොළයක් ලබාදීමට රථ වාහන පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.

එහිදී අමාත්‍යවරයාගේ පුත්‍රයා දඩ කොළය ගෙවීමට ආසන්නතම තැපැල් කාර්යාලය කුමක් දැයි විමසා ඇත.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී තමා ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා බව ඔහු දන්වා තිබේ.

පසුව කලබලයට පත් වූ පොලිස් නිලධාරීන් තමා කවුරුන්ද යන්න කලින් නොකිවේ ඇයි දැයි පවසා, රු. 1,100ක මුදලක් රැගෙන තැපැල් කාර්යාලයට ගොස් දඩය ගෙවා රිසිට්පත හා රියදුරු බලපත්‍රය අමාත්‍යවරයාගේ පුත්‍රයා වෙත ලබාදී තිබේ.

Related posts

මහින්දගේ කඩේට වඩා යහපාලන කඩේ බඩු සවුත්තුයි – ජවිපෙ හදුන්නෙත්ති කියයි

colombotoday

උපරිම බලය බෙදීමකට සජිත් එකග වුණ… උ/නැ ජනතාව දුන් තීන්දුවට නව ජනපති ගරු කළ යුතුයි…

colombotoday

සිතුසේ ගෙන්නපු සතොසේ ටොන් 70,000ක සහල් මගඩිය…

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

අදත් එන්නත් ලබාදීම ස්ථාන රැසකදී

colombotoday

මන්ත්‍රී ප්‍රේමලාල් ඇප මත නිදහස්

colombotoday