Colombo Today Local News

වෙලේ සුදාව වහාම පරීක්ෂා කර අසනීප තත්ත්වය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි නායකයෙකු යැයි පැවසෙන ගම්පොළ විතානගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේසුදා’ නැමැත්තාව වහාම බූස්ස බන්ධනාගාරයට ගොස් පරීක්ෂා කර බලා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි තරම් අසනීප තත්ත්වයකින් පෙරළෙන්නේ දැයි අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (27)දින කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කර තිබේ.

සමන්ත කුමාර හෙවත් ‘වෙලේසුදා’ ඔහුගේ බිරිඳ වන ගයානි ප්‍රියදර්ශනී, ඥාති සහෝදරියක් වන වසන්ති වසුන්දරා නැමති අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද කැඳවූ අවස්ථාවේ දී වෙලේසුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි තරම් අසනීප තත්ත්වයෙන් පෙළෙන බවට බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින් ෆැක්ස් මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වා ඇත.

එම කරුණු සැලකිල්ලට ගනිමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 24 වනදා කැඳවීමට නියෝග කර ඇත.

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයා ගත් මුදල්වලින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රුපියල් කෝටි 15කට ආසන්න ඉඩම්, නිවාස ඇතුළු වත්කම් අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකළේ යැයි චෝදනා කොට වෙලේසුදා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

Related posts

සනත් නිශාන්තට එරෙහිව චෝදනා ගොනු කරන්න නීතිපතිට කල් දෙයි

Admin

ඩයනාගේ නඩු විභාගයක් බලන්න සජිත් අධිකරණයට

Admin

විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපනයට යෝජිත කෙටුම්පත විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ප්‍රතික්ෂේප කරයි

Admin

පරදින බව දැන දැනම මහින්ද ගත් අවාසිදායක දේශපාලන තීන්දුවක් ගැන ගෝඨා කියයි (Video)

colombotoday

දියවන්නා ඔයේ නයිට්‍ර්ජන් හා පොස්පරස් සාන්ද්‍රණය ඉහළ යාමෙන් අසාමාන්‍ය ලෙස ඇල්ගී වර්ධනය වෙලා

colombotoday

ශ්‍රී ලංකාව තුළ සමලිංගිකත්වය පිළිගන්නැයි රජයට නිර්දේශ කෙරේ !

colombotoday