World

එමිරේට්ස් ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිහිටුවයි

එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත සිදු කෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිහිටුවා ඇති බව එමිරේට්ස් නිල වෙබ් අඩවිය නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායලයේ පවතින යුදමය වාතාවරණය යටතේ ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර සිට නියමිත කාළසටහනකට අනුව ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක නොවන නිසා, මෙසේ එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත සිදු කෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු අත්හිහිටුවීමට තීරණය කර ඇති බව එම නිවේදනයේ සදහන් වේ.

ඊශ්‍රායල සහ අනෙකුත් රටවල ගුවන් සේවා බලධාරීන් සමග සමීපව කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම තීරණයට එළඹීමට සිදු කෙරුණු බව එමිරේට්ස් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා www.emirates.com වෙබ් අඩවියට පිවිසෙන ලෙස ඔවුන් වැඩිදුරටත් දන්වා සිටිති.

Related posts

ISIS සතු ගුවන් යානා නාශක මිසයිල පද්දතිය විනාශයි – ඉලක්ක 33 කට රුසියානු ප්‍රහාර

colombotoday

ලන්ඩනයේ උමං දුම්රියක පිපිරීමක් (Photo)

colombotoday

ඉන්දියාවේ සහායත් ඊශ්‍රායලයට

Admin

තුවක්කුකරුවන් පාසලකට කඩා වැදී සිසුවියන් 300 ක් පැහැර ගනී

colombotoday

කෙවින් මැකාති කතානායක ධුරයෙන් නෙරපයි

Admin

10 හැවිරිදි එමාගේ විවාහ සිහිනය මිය යන්න පෙර හැබෑ වෙයි

Admin