World

ලෝක කුසලානය අහිමි වීම දරාගන්න බැරිව ඉන්දීය තරුණයෙක් මැරිලා

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට, ලෝක කුසලානය අහිමි වීමේ ශෝකය දරා ගත නොහැකිව ඉන්දීය තරුණයකු හෘදයාබාධයකින් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එසේ මියගොස් ඇත්තේ 35 හැවිරිදි ජෝති කුමාර් යාදේව් නැමති තරුණයෙකි. මොහු තිරුපති දුර්ගා සමුද්‍‍රම් ගම්මානයේ පදිංචිකරුවෙකු බවත් වෘත්තියෙන් පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුයකු බවත් පැවැසෙයි.

ජෝති කුමාර් යාදේව් අවසන් මහා තරගය නරඹමින් සිට ඇත්තේ රූපවාහිනියෙනි.

ඉන්දීය කණ්ඩායම පරාජය වෙද්දී, සිහිසුන් වී පුටුවෙන් ඇද වැටුණු ජෝති කුමාර් වහා රෝහලට ගෙන ගොස් රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව පැවැසෙයි.

Related posts

උතුරු කොරියානු නායක කිම් ජොන් වෙඩි නොවදින දුම්රියකින් රුසියාවට!

Admin

Breaking – ඩුබායි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අනතුරට

colombotoday

හමුදා මෙහෙයුම් ඇරඹෙයි.. මියන්මාරයේ මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් බංග්ලාදේශයට පලා යයි

colombotoday

ජනපති දිවුරුමට ජනතා විරෝධය.. උගන්ඩාව ඇවිළෙයි.. හිටපු ජනපති මහින්දත් උගන්ඩාවේ

colombotoday

ප්‍රංශයේ පාසල් දරුවන්ට අබාය තහනම් කෙරේ…

Admin

ජපානයේ ටෝකියෝ අගනුවර භූ කම්පනයක්

Admin