පොලිස්පති සී.ඩී වික්රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබා දී තිබේ.
පොලිස්පති සී.ඩී වික්රමරත්න මහතාට මෙම සේවා දිගුව ලැබෙන්නේ සිව්වනි වරටයි.
මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් ද සති තුනක සේවා දිගුවක් ද සී.ඩී වික්රමරත්න මහතාට ලබා දී තිබුණි.
ඊයේ(2)දින සිට සති තුනක සේවා දිගුවේ කාලය අවසන් විය.