Colombo Today Local News

මෝටර් රථයක් පාලමක් අසලින් ගඟට පෙරළෙයි

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් දෙකේ කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයක් පාලමක් අසලින් කිරිඳිඔයේ අතු ගංගාවකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් එකම පවුලේ පිරිසක් වන බවත් ඉන් එක් අයෙක් උප පොලිස් පරීක්ෂකවරයෙක් වන අතර තවත් අයෙක් ගුවන් හමුදා සෙබළෙක් බව පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර අත.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

Related posts

ලන්ච් ෂීට් භාවිතය තහනම් කරන්න නිර්දේශයක්

Admin

කෝටි 11කට අලෙවි කිරීමට තැත්කළ පුරාවස්තු සමග 05ක් දැලේ

colombotoday

ආමර්වීදියේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් මරුට

colombotoday

ක්ලෙමන්ට් බන්ධනාගාරයේ සිට මෙහෙය වූ මත්ද්‍රව්‍ය ජාවාරම

colombotoday

අමාත්‍ය පුරප්පාඩුවට වීරසේන ගමගේ

Admin

ලියාපදිංචියට නව දේශපාලන පක්‍ෂ 76 කින් අයදුම්පත්

colombotoday