Colombo Today Local News

ලුණුවිල පාසලක ගේට්ටුව අසල මළ සිරුරක්

ලුණුවිල දෙමටපිටිය විදුහලේ ගේට්ටුව අසල නිරුවත් පිරිමි මළ සිරුරක් තිබී අද (31) උදෑසන සොයා ගෙන තිබේ.

මෙම පුද්ගලයාගේ හිසේ ලේ ගලන තුවාලයක් පෙනෙන්නට ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පවසයි.

මෙය ඝාතනයක් බව මූලික විමර්ශනවලින් පොලීසියට පෙනී ගොස් ඇතැයි සඳහම්කරයි.

මළ සිරුර මුනින් අතට වැටී ඇති අතර ඒ අසල යතුරුපැදියක ආරක්ෂිත හිස්වැස්මක් ද තිබී පොලිසිය සොයා ගෙන ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව දුම්මලදෙනිය පදිංචිව සිටි අසේල පෙරේරා නැමැති අයෙකි.

Related posts

පාස්කු වාර්තාව අධ්‍යයනයට පත්කළ අමාත්‍ය අනු කමිටුව නිර්දේශ සලකා බැලීමට කල් ඉල්ලයි

colombotoday

හෝටලයක ඉහළ මහලෙන් වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට

Admin

පොලිස් පාතාල ගැටුමෙන් තුවාල ලැබූ දරුවන් ගැන සොයා බලනු – උද්ඝෝෂණයක්

colombotoday

ආහාර විෂ වී නානුඔය සිසුන් 31ක් රෝහලේ

Admin

ඒකාබද්ධය – අපි එකතු වුණාම එජාපයට ඇඩ්‍රස් නෑ.. දකුණට සිග්නල් දමා වමට හැරවීම ජනපතිට සුළු දෙයක්

colombotoday

වැඩ බැරි ටාසන්ලා හා ව්‍යවස්ථා ගැටය…

colombotoday